ජෙෆ්රි එප්ස්ටයින් නමැති කුප්‍රකට මූල්‍යවේදියා සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් ඊයේ (09) ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළාය. එප්ස්ටයින් විසින් තමන්ව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමට දරන උත්සාහයන් වහාම නැවැත්විය යුතු බවත් ඇය පවසා සිටියාය.
එප්ස්ටයින්ගේ ලිංගික ජාවාරම්වලට ගොදුරු වූ කාන්තාවන්ට කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව ලබා දෙන ලෙස ද ජනාධිපති ආර්යාව මෙහිදී ඉල්ලා සිටියාය. එප්ස්ටයින්ගේ සහකාරියක වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමඟ තමන් හුවමාරු කරගත් බව කියන විද්‍යුත් තැපැල් පණිවුඩ හුදෙක් සුහද ප්‍රතිචාර පමණක් බවත්, තමන් කිසිදු අපරාධයකට සම්බන්ධ වී නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මේ අතර ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් ද ජනාධිපති ආර්යාවගේ මෙම ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමේ ඉල්ලීමට සහය පළ කර ඇත.













