බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) පස්වරුවේ නිවේදනය කළේය.
මෙම නිවේදනය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විද්‍යුත් උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.














