ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරන මෙටා (Meta) සමාගම, තම සමාජ මාධ්‍ය වේදිකාවල ළමුන් සඳහා පවතින ආරක්ෂාව පිළිබඳව මහජනතාව නොමග යැවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක දඩයක් ගෙවිය යුතු බවට නිව් මෙක්සිකෝ අධිකරණයක් නියෝග කර තිබේ. බීබීසී පුවත් සේවයට අනුව, ළමා ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් මෙටා සමාගමට එරෙහිව නඩු පවරා ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව, මෙටා සමාගමේ නිර්දේශිත ඇල්ගොරිතම මගින් කුඩා දරුවන් ලිංගික අන්තර්ගතයන් වෙත යොමු කරන බවත්, ලිංගික අපරාධකරුවන් (Predators) සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසන බවත් අනාවරණය වී ඇත. සමාගමේ හිටපු ඉහළ නිලධාරියෙකු වන ආර්තුරෝ බේජාර් පවා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ තම දියණියට ඉන්ස්ටග්‍රෑම් හරහා ලිංගික යෝජනා පැමිණි බවයි. කෙසේ වෙතත්, මෙටා සමාගම මෙම තීන්දුව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
තොරතුරු උපුටා ගැනීම: BBC News වාර්තා ඇසුරින්














