රූපලාවන්‍ය ප්‍රතිකාරයක් සඳහා පැමිණි 29 හැවිරිදි තරුණියකට, ඇය සිහිසුන්ව සිටියදී ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත වෛද්‍ය රොනල්ඩ් ඩිමියෝ පසුගිය බදාදා අත්අඩංගුවට පත් විය. 2025 ඔක්තෝබර් 25 වනදා සිදුවූ බව කියන මෙම සිදුවීමේදී, අදාළ තරුණිය වේදනා නාශකයක් ලෙස ‘නයිට්‍රෝ’ (Nitro) වායුව ආග්‍රහණය කර තිබූ අතර, කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් වයින් වීදුරුවක් ද පානය කර තිබුණි. ඒ හේතුවෙන් ඇය දැඩි ලෙස අඩපණව සිටි බව පොලිස් වාර්තාවල සඳහන් වේ.
අදාළ කාන්තාව පවසන්නේ තමන් කාර්යාලයක් වැනි ස්ථානයකට රැගෙන ගොස් වෛද්‍යවරයා තමන්ට අතවර කළ බව මතක තිබුණ ද, ශරීරය පාලනය කර ගැනීමට හෝ ඊට එරෙහි වීමට ශක්තියක් නොතිබූ බවයි. දින කිහිපයකට පසු ඇය සිය ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, එම අතවරය සිදුවන දර්ශන එහි පටිගත වී තිබෙනු දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. ඇය ප්‍රතිකාරය සිදුවන ආකාරය පටිගත කිරීමට දුරකථනය ක්‍රියාත්මක කර තිබූ අතර, ඇය සිහිසුන්ව ඇද වැටෙන විට දුරකථනයේ කැමරාව ඉහළට හැරී තිබීම නිසා මෙම අපරාධය පැහැදිලිව පටිගත වී ඇත.
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ නීතිඥ පාර්ශවය පවසන්නේ මෙය දෙපාර්ශවයේම කැමැත්ත මත සිදුවූවක් බවත්, අදාළ කාන්තාව වෛද්‍යවරයාගෙන් ඩොලර් මිලියන 10ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා සිටි බවත්ය. වෛද්‍යවරයා එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කර ඇයට එරෙහිව නඩු පැවරීමෙන් පසු ඇය මෙම පැමිණිල්ල සිදු කළ බව නීතිඥයා තර්ක කරයි.
නමුත් මියාමි පොලිසිය පවසන්නේ වීඩියෝ සාක්ෂි මගින් වෛද්‍යවරයාගේ ක්‍රියාව ඉතා පැහැදිලිව තහවුරු වන බවයි. මෙලෙස අතවරයට පත් වූ තවත් රෝගීන් සිටිය හැකි බවට සැක කරන පොලිසිය, එවැනි පුද්ගලයන් සිටී නම් වහාම මියාමි පොලිස් දෙපාර්තමේන්තුව අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. වෛද්‍යවරයාට එරෙහිව අසරණ පුද්ගලයෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.














