මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් හේතුවෙන් මෙරට ප්‍රධානතම සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල සංචාරක කලාපය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් සංචාරක සමයේදී විදේශීය සංචාරකයන්ගෙන් පිරී පවතින ඇල්ල නගරය, බටහිර සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් අඩුවීම නිසා මේ වන විට පාළු ස්වභාවයක් ගෙන තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල්, නවාතැන්පොළවල්, ආපනශාලා මෙන්ම රියදුරන් සහ මගපෙන්වන්නන් ඇතුළු සංචාරක කර්මාන්තය මත සෘජුව යැපෙන 15,000කට අධික පිරිසක් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. මීට අමතරව, පවතින දුම්රිය ගමන්වාර සීමා කිරීම් ද ඇල්ල ප්‍රදේශයට සංචාරකයන් පැමිණීම අඩාල වීමට සෘජුවම බලපා ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.













