මැදපෙරදිග කලාපයේ ඇවිළී යන යුද ගින්න හේතුවෙන් ලෝක බොරතෙල් වෙළඳපොළ දැඩි කම්පනයකට ලක්ව තිබේ. පසුගිය සිකුරාදා දිනය නිමාවන විට, West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක් සතියක් තුළ 35.63%කින් ඉහළ ගොස් ඇති අතර, මෙය 1983 වසරෙන් පසු වාර්තා වූ ඉහළම සතිපතා මිල වර්ධනයයි. ඒ අනුව WTI බැරලයක මිල ඩොලර් 90.90ක් ලෙස සටහන් විය.
එමෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ ප්‍රමිතියක් ලෙස සැලකෙන Brent (බ්‍රෙන්ට්) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සතියක් තුළ 28%කින් ඉහළ ගොස් ඩොලර් 92.69ක් දක්වා ඉහළ ගොස් තිබේ. යුද තත්ත්වය හේතුවෙන් තෙල් නෞකා ගමන් කරන ප්‍රධාන මුහුදු මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වැසී ගියහොත්, බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බව කටාර් බලශක්ති අමාත්‍යවරයා අනතුරු අඟවයි. මෙය ලෝක ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතුවිය හැකි “ආර්ථික සුනාමියක්” වනු ඇති බවට විචාරකයෝ බිය පළ කරති.














