මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව දේශපාලන විශ්ලේෂක මහාචාර්ය තුඩෝර් වීරසිංහ මහතා පවසයි. ගෝලීය දෛනික බොරතෙල් නිෂ්පාදනයෙන් 20%ක් පමණ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන බැවින්, එහි සැපයුමට බාධා වීමෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් සහ ගෑස් මිල ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ඉරානයට විශාල වශයෙන් තේ අපනයනය කරන අතර, කලාපීය ගැටුම් හේතුවෙන් එම වෙළඳ කටයුතුවලට බාධා එල්ල විය හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. දැනටමත් බොහෝ ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයට සහ වෙළඳාමට මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලටද තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.














