මැදපෙරදිග කලාපයේ පවතින ඇමරිකානු – ඊශ්‍රායල සහ ඉරාන යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අනිද්දා (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට රුසියාව තීරණය කර තිබේ. රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් මහතා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
රුසියාව මීට පෙර ද අවස්ථාවන් කිහිපයකදී පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සඳහා මෙවැනි සීමාවන් පනවා ඇති අතර, මෙවර පැනවූ තහනම මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක තෙල් මිල තවදුරටත් ඉහළ යාමට හේතු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය මත යැපෙන රටවලට මෙහි වක්‍ර බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතී













