සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රබල ක්‍රියාකාරියෙකු වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් ‘මිදිගම චූටි’ නැමැත්තා ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.
මෙරට අධිකරණ කිහිපයකින්ම මිනීමැරුම්, මංකොල්ලකෑම්, නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී තිබේ. මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කර තිබූ අතර ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සැකකරුගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.













