මීගස්වැව, පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී දින දෙකක් පමණ වයසැති බිළිඳියකගේ මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් මීගස්වැව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ (24) සවස් කාලයේදී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී මෙම බිළිඳු සිරුර සොයාගෙන ඇත.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ලබාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. දරුවාගේ මවුපියන් කවුරුන්ද යන්න සහ දරුවා එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳව පොලීසිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මීගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.












