මැදපෙරදිග කලාපයේ ඇවිළෙමින් පවතින යුදමය වාතාවරණය හමුවේ, ඉරානයේ දකුණුදිග මිනාබ් (Minab) නගරයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් මියගිය දරුවන්ගේ ඡායාරූප ඉරාන රජයේ සහය ලබන ‘Tehran Times’ පුවත්පතේ මුල් පිටුවට එක් කර තිබේ.
මිනාබ් නගරයේ පාසලක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ටොමහෝක් (Tomahawk) මිසයිල ප්‍රහාරයකින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය කුඩා දරුවන් බව වාර්තා වේ. මියගිය දරුවන්ගේ ඡායාරූපවලට ඉහළින් “ට්‍රම්ප්, මොවුන්ගේ දෑස් දෙස බලන්න” (Trump, Look Them In The Eyes) යනුවෙන් සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත සෘජු විවේචනයක් එල්ල කර ඇත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත්, සිදුවන විනාශයන් පිළිබඳ වගකීමෙන් ඔහු බැහැර වන බවත් ‘Tehran Times’ කතුවැකිය පෙන්වා දෙයි. රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකාව සිදු කරන මෙම ආක්‍රමණය දැඩි ලෙස හෙළා දකින බව ද එහි සඳහන් වේ. මෙම ප්‍රහාරයත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි සංවාදයක් මතුව තිබේ.














