මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් විවිධ ගුවන් තොටුපළවල සිරවී සිටින ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැදපෙරදිග ගමනාන්ත හැර සෙසු සියලු ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම එංගලන්තය සහ ඇමරිකාව වැනි රටවල සිට මැදපෙරදිග හරහා පැමිණීමට සිටි මගීන් සඳහා තුර්කිය වැනි විකල්ප ගුවන් මාර්ග භාවිතා කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතිනවා. කෙසේ වෙතත්, වත්මන් අර්බුදය හමුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට මෙතෙක් බාධාවක් එල්ල වී නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.














