• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්කොළ පරිභෝජනය අඩුවී ඇති බව ඇමැති කෙහෙලිය කියයි

31 May 2023
in දේශීය

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් අද දින (31) ලෝක දුම්වැටි විරෝධී දිනය සැමරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව වැඩසටහනක් සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එය බොහෝ දුරට වසංගත තත්ත්වය සහ ජීවන වියදමේ වැඩිවීම නිසා යැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවසීය. ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකදී අමාත්‍යවරයා පැවසීය.

දුම්කොළ හා දුම්වැටි ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෑතකදී ආරම්භ කළ ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයේ ,සමීක්ෂණ ප්‍රතිඵල ලෙස මෙම දුම්කොළ පරිභෝජනය අඩු වීම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහෙත් මෙම ගැටළුව තවමත් ශ්‍රී ලංකාවට අභියෝගයක් යැයි ද එය ජය ගැනීම සඳහා කුමන ආකාරයක වුවද දුම්කොළ පරිභෝජනය තවදුරටත් අඩු කිරීමට උත්සාහ ගත යුතු යැයි හෙතෙම පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා. ” අපට අවශ්‍ය වන්නේ ආහාර මිස දුම්කොළ නොවේ.මේ වසරේ ලෝක දුම්වැටි විරෝධතා දිනයේ තේමාව සැබෑ අරුතක් දෙන සහ ලෝකයට අර්බුදයක් ගෙන එන නිෂ්පාදනයක් අත් හැරීම වෙනුවෙන් වෙන අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමයි. මෙය ක්‍රියාවට නැංවීම ඉහළ සිට පහළට කරගෙන යා යුතු වෙනවා. ප්‍රථමයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මෙම අවශ්‍යතාවය හදුනාගෙන ඔවුන් මෙම වෙනස ආරම්භ කළ යුතුයි. අධ්‍යාපන වැඩසටහන් හා දිරිගැන්වීම් පහළ මට්ටමේ පිරිසට ගෙන යා යුතුයි. දුම්කොළ වගා කරන ගොවීන් සඳහා විකල්ප බෝග හඳුන්වා දෙමින් මනුෂ්‍ය සංහතියට අහිතකර වන්නාවු මෙම පරිභෝජනය වැළැක්වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. දුම්කොළ පරිභෝජනය සමග ඇතිවන හානිකර බලපෑම් ආර්ථික වශයෙන් ස්ථිරසාර වෙනස් කිරීමට කටයුතු කළ යුතුයි.. ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය , දුම්කොළ පරිභෝජනයට එරෙහිව දැඩිලෙස ක්‍රියාත්මක වෙමින් සිටී. දුම්කොළ පාලනය පිළිබඳ ප්‍රතිපත්ති රාමු සම්මුතිය අනුමත කළ ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම අපට මහත් අභිමානයකි. විවිධ ක්‍රමෝපායන් හා සහයෝගී ප්‍රයත්නයන් තුළින් දුම්කොළ පරිභෝජනය අවම කිරීමට සහ අපගේ ප්‍රජාවේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපි රජයක් වශයෙන් උනන්දුවෙන් කටයුතු කර තිබේ. දුම්කොළ ආශ්‍රිත ඵලදායි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා ඒ ඉල්ලුමට අනුව සැපයුම අඩු කිරීම යන කාරණා දෙකේම අපි ක්‍රියාත්මක විය යුතුයි. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක ඇති වැදගත්කම හා එහි අවශ්‍යතාවය තහවුරු කරන දුම්කොළ වලින් තොර රටක් අපගේ දැක්මයි. දුම්කොළ භාවිතයට එරෙහිව සහ අපගේ ප්‍රජාවේ සෞඛ්‍ය හා සමෘද්ධිය සහතික කිරීමට ඔවුන් දක්වන කැපවීම වෙනුවෙන් වගකිවයුතු පාර්ශවයන්ට විශේෂයෙන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලට කෘතඥතාවය පළ කරමි. තවදුරටත් දුම්කොළ විසින් පාලනය කරන අනාගතයක් නොව යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් වූ සමාජයක අවශ්‍යතාව අපේ අභිලාෂයයි. ඒ තුළින් අනාගත පරම්පරාවට දීප්තිමත් හා සෞඛ්‍ය සම්පන්න ලෝකයක් නිර්මාණය කළ හැකිය. මේ පහසු සටනක් නොවේ. අපට ඉතාමත් වැදගත් සංඛ්‍යා ලේඛන තියෙනවා. අපට අවශ්‍ය වන්නේ මෙය ක්‍රියාවට නැවැත්වීමයි. සංඛ්‍යා ලේඛන පෙන්වා දීම කාලෝචිත මට්ටමින් කොපමණ ඉක්මනින් අපි මෙය ක්‍රියාවට නැංවිය යුතු ද කියලා. ඒක දැවැන්ත අභියෝගයක් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල්ද අල්විස්, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ඇලන් ලුඩෝවයික් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 13
Previous Post

රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබෙන බවට සාවද්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ වනවා – මන්ත්‍රී සාගර

editor

editor

Next Post

සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ වනවා - මන්ත්‍රී සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved