මෙරටට ආනයනය කළ ගල්අඟුරු තොග බාල ප්‍රමිතියෙන් යුක්ත බවට එල්ල වන චෝදනා සත්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා අද (23) පිළිගත්තේය. කෙසේ වෙතත්, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස කිසිදු දූෂණයක් හෝ වංචාවක් සිදුව නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, බාල ගල්අඟුරු සැපයීම නිසා රජයට සිදුවූ පාඩුව අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ද සඳහන් කළේය. වත්මන් රජය විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන බවත්, පෙර පාලන සමයන්හිදී මෙන් කැබිනට් තීන්දු මත පමණක් සැපයුම්කරුවන් තේරීම දැන් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














