8 September 2024
#දේශීය #පුවත්

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත ගුවන් තොටුපළේදී අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගනී

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා ද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමග එක්විය.

අධ්‍යාත්මික නායක ගුරුදේව් මැයි 18 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ඔහු මැයි 19 වන දින ටාජ් සමුද්‍රා හි ‘එකමුතුව : සංගීතය, භාවනාව සහ ප්‍රඥාවේ සන්ධ්‍යාව’ නම් උත්සවයට සහභාගී වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *