ජනතාව, ආගමික නායකයින්ගේ ඉල්ලීම් අනුව මුතුරාජවෙල නව ගැසට්ටුව අවලංගු කිරීමට ගත් තීන්දුව කිසියම් පාර්ශවයක් විසින් ආපස්සට හැරවීමට උත්සහ කරන්නේ නම් තනතුරු වරප්‍රසාද අතහැර ජනතාව සමග එක්ව සටන් කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) දින මීගමුව පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “මුතුරාජවෙල නව ගැසට්ටුව මගින් ඉඩම් පවරා ගැනීම පිළිබඳව පරිසර අමාත්‍යතුමා, වනජීවී අමාත්‍යතුමා, නාගරික සංවර්ධන අමාත්‍යතුමා හා මුදල් අමාත්‍යතුමා සමන්විත පාර්ලිමේන්තු කමිටුවකින් තීන්දුවක් ගත්තා මුතුරාජවෙල තිබුණු හෙක්ටයාර් 1,447 තියලා අලුතින් ගහපු ගැසට්ටුව අවලංගු කරන්න. තවත් තීන්දුවක් ගත්තා ජනාධිපතිතුමා විසින් පත් කරපු වත්තල, ජා ඇල, කටාන, මීගමුව සම්බන්ධීකරණ කමිටුවලදී මුතුරාජවෙල සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ගැන සාකච්ජා කරලා සම්මත කරලා එවන්න.
ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා වගේම නලින් ප්‍රනාන්දු මහතා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු අපේ මන්ත්‍රීවරුන් කියලා තියෙනවා මුතුරාජවෙල නව ගැසට්ටුව මගින් නව පවරා ගැනීම් අවලංගු කරන්න කියලා. මේ වෙනකන් ඒ දේ සිදුවෙලා නැහැ කියලා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් කියනවා.
ඒ නිසා පැහැදිළිව කියනවා අපි තනතුරු ආරක්ෂා කරන්න වැඩ කරන අය නෙමේ. ජනතාව වෙනුවෙන්, ආගමික නායකයින් වෙනුවෙන්, රට වෙනුවෙන් කරන ඉල්ලීමක් සමහර පාර්ශව ඇහුම් කන් දෙන්නෙ නැතිනම් ඒ අයට විරුද්ධව ජනතාව සමග පෙළ ගැසිලා, ඒ අය එලවනකම් තනතුරු අතහැරලා කටයුතු කරන්න.
මුතුරාජවෙල පවරා ගැනීමට ගහපු නව ගැසට්ටුව වහාම අවලංගු කරන්න කියලා පැහැදිළිව කියනවා. මේ වෙනකොට ආසන හතරෙම සම්බන්ධීකරණ කමිටුවේ සියලු පාර්ශවයන් සම්බන්ධ වෙලා තීරණ අරන් ඉවරයි මේ ගැසට්ටුව අවලංගු කරන්න කියලා. කාටහරි එක්කෙනෙකුට දෙන්නෙකුට තමන්ගේ පටු ව්‍යාපාරික අරමුණු ඉටු කර ගන්න, කොමිස් මුදල් ගන්න ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දු ආපස්සට හරවන්න හදනවනම් මේ තනතුරු, වරප්‍රසාද අතහැරලා ජනතාව එක්ක හිටගෙන සටන් කරනවා කියන එක පැහැදිළිව කියන්න ඕනේ “යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.