• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු පෙරලන්න, ජනාධිපති වෙනස් කරන්න බෑ – ඇමති ප්‍රසන්න

13 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරළා ජනාධිපතිවරයා වෙනස්කළ හැකි මැතිවරණයක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ඊයේ (12) පැවති ගම්පහ දිස්ත්‍රික් පාලන අපේක්ෂක හමුවලට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රටක් ගිනි තබා මිනිසුන් ඝාතනය කිරීමට තරම් දරුණු මානසිකත්වයක් අැති ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදීම අතිශය භයානක වැඩක් බවයි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය. “කොරෝනා වසංගතය නිසා එදා රට වහන්න හදනකොට අපි කිව්වා රට වහන්න එපා කියලා. අපි රට වහලා එන්නත් තුනම දුන්නට පස්සේ රට නැවත විවෘත කරන්න හදනකොට වෘත්තිය සමිති කිව්වා රට තාම සුරක්ෂිත නෑ, රට අරින්න දෙන්න එපා ඇරියොත් රට විනාශ වෙනවා කියලා නගරවල කඩ වහන්න ගත්තා. 88-89 තුණ්ඩු කෑල්ලෙන් වැහුවා වගේ වෘත්තිය සමිති හරහා කඩ වැස්සුවා. මොකද ආර්ථිකය වට්ටන්න. අපි පැහැදිලිවම කියනවා. පිටරට ඉන්න අයට කිව්වා සල්ලි එවන්න එපා ආණ්ඩුවට බැංකුවලට එව්වොත් රාජපක්ෂලා හොරකම් කරනවා කියලා. පිටරටින් එවන කෙනා දන්නවා සල්ලි කීයක් එව්වද කියලා. ඒක එවන්නේ රාජපක්ෂලාගේ නමට නෙමෙයි තමන්ගේ ඥතීන්ගේ නමට. ඒක කොහොමද හොරකන් කරන්නේ. ඒකත් විශ්වාස කරපු මිනිස්සු ඉන්නවා. ඒක කළේ රටේ ආර්ථිකය වට්ටන්න. ‍කොවිඩ් නිසා සංචාරකයින්ට ලංකාවට එන්න බැරි වුණා. විදේශ සංචිත ගොඩනගන්න බැරි වුණා. තිබුණ මුදල් වියදම් වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි මේ භුක්ති විදින්නේ. ස්වාභාවික විපත්, යුද්ධය නිසා නොයෙකුත් හේතු නිසා රටේ ආර්ථිකය කඩන් වැටුනා. නරකම අවස්ථාව ආවේ කොඩිව් එක්ක. ඒ නිසා අපිට සංචිත නැති වුණාම ඩොලර් තිබුණේ නෑ ගෑස් ටික, තෙල් ටික ගේන්න. එහෙම නැති වෙනකොට මිනිස්සු පීඩනයට ලක්වුණා. පීඩනය නිසා එළියට බැහැපු මිනිස්සුන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන තැනට පත්කරන්න ඇතැම් දේශපාලන පක්ෂවල නායකයෝ කටයුතු කළා. අපි කවදාවත් කාගෙන්වත් පළි ගන්න කටයුතු කරන්නේ නෑ. අපි හැමදාම අවිහිංසාවාදීව දේශපාලනය කළා. පක්ෂයක් ලෙස මේ මැතිවරණයට මුහුණ දෙන්න අපි සුදානම්. පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරල ගම සංවර්ධනය කිරීමේ වගකීම අපි භාර ගන්නවා. 94දි අපි දින්නම මිනිස්සුන්ට හිරිහැර කළේ නැහැ. නමුත් පහුගිය මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තියපු හේතුව මොකද්ද?මගේ ගෙදර ගිනි තියපු සේරම වීඩියෝ මං ළඟ තියෙනවා. මගේ ගෙදර ගිනි තිබ්බේ වෙන කවුරුවත් නෙමෙයි ජ.වි.පෙ අයයි. ගෙදර ගිනි තියන්න නායකත්වය දීපු කෙනා තමයි මිනුවන්ගොඩ ජ.වි.පෙ රැස්වීමේ පළමුවෙනි කථිකයා. මම ඔහුගැන සියළුම දේවල් හොයාගත්තා. ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණින් ‍‍වගේම මාලිමාව ලකුණින් ඇවිල්ලත් ගෙවල් ගිනි තිබ්බා. මගේ ගෙදර විතරක් නෙමෙයි මගේ ලේකම්වරයගෙ ගේත් ගිනි තිබ්බා. ජ.වි.පෙ අයට තියෙන්නෙ කුහකකමයි ඉරිසියාවයි විතරයි. හමුදා නිල ඇඳුමෙන් මංකොල්ල කාලා එළවපු මිනිහෙක් අද මිනුවන්ගොඩ නගර සභාවට මාලිමාවෙන් ඉල්ලනවා. මාලිමාවෙන් ඉල්ලන අය ගැන අද ෙෆ්ස්බුක්වල යනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ විවේචනය මිසක් වැඩක් කරන්නේ නැති පක්ෂයක්. ගිනි තියන මිනී මරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන පිරිසකට බලය දීම භයානක වැඩක්. තමන්ට බලය ගන්න කී දාහක් මරපු මිනිස්සුද? බලයට ඇවිත් බලය රැක ගන්න මිනිස්සු කී දාහක් නැති කරයිද? මේ මැතිවරණය ආණ්ඩු පෙරළන්න, ජනාධිපති වෙනස් කරන්න පුළුවන් මැතිවරණයක් නෙවෙයි. රජය වට්ටන්න බෑ. පාර්ලිමේන්තුව අල්ලගෙන ප්‍රජාතන්ත්‍රවාදය බිම වට්ටලා. රජය විනාශ කරා නම් අද අපි කොතැනද ඉන්නේ කියලා හිතන්න. සාමකාමී අරගලයට අපි එකඟයි. පීඩනයට පත් වූ මිනිස්සු අරගල කරන එක අපි දන්නවා. හැබැයි ජනාධිපතිවරයාගේ පූල් එකට බැහැලා නාන මානසිකත්වය තියෙන මිනිස්සු මේ රට පාලනය අතට ගත්තම මොකද වෙන්නේ කියලා හිතන්න. රට අරාජික වෙච්ච වෙලාවේ අපි අනුර කුමාරට ඇවිල්ලා මේ රට භාර ගන්න කියලා ආරාධනා කළා. සජිත් ප්‍රේමදාසට කිව්වා ඇවිල්ලා මේ රට භාර ගන්න කියලා. පක්ෂයක් ලෙස අපි තනතුරු භාර ගන්නේ නෑ ඔබ ඇවිත් මේක භාර ගන්න අපි උදව් කරනවා කියලා. මේ ආර්ථික ව්‍යවසනයෙන් ගොඩ එන්න අපිට උදව් කරන්න කිව්වා. හැමෝම බය වුණා මේක භාර ගන්න. රනිල් වික්‍රමසිංහ මේක භාර ගත්තා. රට භාර අරගෙන ආර්ථිකය කළමනාකරණය කරල, තිබිච්ච තත්ත්වයෙන් යම් තැනකට රට ගෙනල්ලා තියෙනවා. අයි.එම්.එෆ් එකේ තීන්දුව ක්‍රියාත්මක වනවිට අපිට මේ රට තව හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්. අද ඉන්දියාව, චීනය විශාල දායකත්වයක් දෙන්න කටයුතු කරලා තියෙනවා. නමුත් මේක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ රට දේශීය නිෂ්පාදන ආර්ථිකය මීට වඩා ඉහළ තැනකට ගේන්න අපි කටයුතු කරන්න ඕනේ. මේ හින්දා තමයි ජනාධිපතිවරයා කියන්නේ මට ජනප්‍රිය තීන්දු ගන්න බැරිවෙයි කියල. ජනප්‍රිය මානසිකත්වයෙන් ඉවත්වෙලා රටේ හැමෝටම පිළි ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියල ඔහු කියනවා. ඒ සඳහා අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. පසුගිය පළාත් පාලන ඡන්දයේදි මේ කොට්ඨාශයේ එජාප අපේක්ෂකයා 29% යි අරන් තියෙන්නේ. ජවිපේ අරන් තියෙන්නේ 8% යි. ශ්‍රිලනිපය 10% යි. පොහොට්ටුවේ අපේක්ෂකයා අරන් තියෙනවා 54% ක්. අපි විශාල ඡන්ද ප්‍රමාණයකින් දිනුවා. ගෝඨාභය ජනාධිපතිතුමාට උපදෙස් දීලා රට අරාජික කරපු වියත්මගේ සමහර අය වෙනත් පක්ෂවලට ගිහින්. තවත් සමහරු පා වෙවි ඉන්නවා මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරැව. ඒ අයවත් අපි එකතු කර ගන්න ඕනේ අපේ ජයග්‍රහනය වෙනුවෙන්. එක ඡන්දයකින් දිනුවත් කොට්ඨාශය දිනුම්. ගමට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ව පත් කර ගන්න ඔබ කටයුතු කල යුතුයි.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 2
Previous Post

පෑඩ් මෑන් බස් මෑන් කියන්න කලින් රටට විසඳුම් දෙන්න – විපක්ෂනායක සජිත්

Next Post

2023 මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුවිශේෂී චක්‍රලේඛයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

2023 මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුවිශේෂී චක්‍රලේඛයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved