මෙරට සහල් අවශ්‍යතාවයට සරිලන පරිදි ප්‍රමාණවත් සහල් සංචිත රට තුළ පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝකයම මුහුණ දී සිටින ආර්ථික අභියෝගය අවබෝධ කර ගනිමින්, ජනතාව නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගනිමින් කූඨ වෙළෙඳුන් සිදු කරන අක්‍රමිකතා මැඩලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය දැනටමත් නිසි වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව වෙළඳපොළේ සහල් හිඟයක් ඇති කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට අමාත්‍යවරයා සහතික විය.














