දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා එක්රැස් කළ ආධාර තොගයක් බෙදා නොදී, ප්‍රාදේශීය සභා උප සභාපතිවරයාගේ නිල කාමරයේ ගබඩා කර ඇති බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් මීරිගම ප්‍රාදේශීය සභාවේ අද (19) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැති අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම ප්‍රශ්නය මතු කිරීමත් සමඟ සභාවේ උණුසුම් වාද විවාද හටගත් බව අප වාර්තාකරු සඳහන් කළේය.
‘දිට්වා’ සුළි කුණාටුව සිදුවී මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, විපතට පත් ජනතාවට සහන සැලසීමට ලැබුණු ආධාර මෙලෙස සභා පරිශ්‍රයේම රඳවා තබාගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි විපක්ෂය මෙහිදී ප්‍රශ්න කළහ. පීඩාවට පත් ජනතාව තවමත් අසීරුතාවලට මුහුණ දී සිටින පසුබිමක මෙවැනි ආධාර තොග බෙදා නොදී සඟවා තබා ගැනීම දේශපාලන අරමුණක් මත සිදුවන්නක් දැයි ඔවුහු වැඩිදුරටත් සැක පළ කළහ.














