අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී පසුගිය පෙබරවාරි 09 වැනිදා සිට අතුරුදන්ව සිටි 22 හැවිරිදි ඉන්දීය ජාතික සිසුවෙකු වන සාකේත් ශ්‍රීනිවාසයියා (Saketh Sreenivasaiah) මියගොස් සිටියදී හමුවූ බව සැන් ෆ්රැන්සිස්කෝහි ඉන්දීය කොන්සල් කාර්යාලය තහවුරු කරයි. බර්ක්ලි හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වූ ඔහු, බර්ක්ලි හිල්ස් අසල පිහිටි ඇන්සා විලෙහි (Lake Anza) තිබී ප්‍රාදේශීය පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ තූමකුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අවසන් වරට දැක තිබුණේ ටිල්ඩන් කලාපීය උද්‍යානය අසලදීය. මියගිය සිසුවාගේ දේහය නැවත ඉන්දියාවට රැගෙන යාම සඳහා අවශ්‍ය සියලුම කොන්සියුලර් සහාය ලබා දීමට කටයුතු කරන බවත්, පවුලේ සාමාජිකයන් සමඟ සමීපව කටයුතු කරන බවත් ඉන්දීය විදේශ දූත මණ්ඩලය නිවේදනය කර තිබේ.















