මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක විදේශීය මත්පැන් අලෙවිසැලෙන් මත්පැන් බෝතල් තොගයක් සොරකම් කළ “මෝදර සුදා” නමින් හඳුන්වන 21 හැවිරිදි සැකකරුවෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් සිදුකළ මෙහෙයුමකදී මොහු නිදා සිටියදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් තිබී හමු වී ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ සුපිරි වෙළෙඳසැලේ පිටුපස තහඩුවක් ගලවා ඇතුළු වී මෙම සොරකම සිදුකළ බවයි. සොරකම් කරන ලද මත්පැන් බෝතල් කිහිපයක් විකුණා ලබාගත් මුදලින් තමන් හෙරොයින් මිලදී ගත් බවද ඔහු පිළිගෙන තිබේ. සැකකරු මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින 7ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලීසිය අපේක්ෂා කරයි.














