• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි – අගමැති

2 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බලශක්ති අර්බුදය හමුවේ රට හමුවේ තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනිම බවත්, ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ අද (02) බත්තරමුල්ලේ සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි ශ්‍රවණාගාරයේ දි පැවැති ලෝක ජනාවාස දින උත්සවය අමතමිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය එය සංවිධානය කර තිබිණි.

ඔහු පෙන්වා දෙන්නේ හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය ලබාදීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ දි නොමැති බවයි.

1986 වසරේ සිය සෑම වසරක ම ඔක්තෝම්බර් මස පළමුවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ලෝක ජනාවාස දිනය සමැරුණේ 37 වන වරටයි. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි. ලෝක ජනාවාස දිනයට සමගාමී ව ජනාවාස සතියක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සමාරම්භක උත්සවය ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙවර ලෝක ජනාවාස දිනයට සමාගාමීව සංවිධානය කෙරුණු දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අගමැතිවරයා අතින් සිදුවිය. ඊට අමතරව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ජනාවාස අතර නැටුම් තරඟාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් වෙත ද තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “ මිනිස් සමාජයේ මුලික මිනිස් අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ලෝකයේ නිරන්තර උත්සාහයක යෙදී සිටිනවා. ඒ සදහා රටවල් අතර, ජාතීන් අතර, සංවිධාන අතර යම් යම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට එළඹෙනවා. බොහෝ කළකට පෙර ආහාර, නිවාස හා ඇඳුම් මිනිස් සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස එක්සත් ජාතීන්ගේ පිළිගත්තා. අපි තවමත් ඒ ඉලක්කයට ගමන් කරමින් සිටිනවා. අපේ රට දීර්ඝ කාලයක සිට විශාල පරිශ්‍රමයක යෙදෙමින් එහි ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. තවමත් ලොවට මේ ගැටළුව විසඳා ගැනීමට නොහැකි වූ බව මෙවරඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර සිටියා. ඒ අපි වැනි කුඩා රටවල් වෙනුවෙන්. මේ ජනාවාස දිනයේ අරමුණු සාක්ෂාත් කර ගැනිම සදහා විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා දිගින් දිගමට පෙනි සිටිනවා. ඒ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරමින්, සාකච්ඡාව පැවැත්වීමටත්, විදේශ ආධාර ලබාගැනීමටත් දරණ උත්සාහය කෘතවේදීව සිහිපත් කරනවා.
එකි මූලික අවශ්‍යතාවලට අතිරේකව අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය අද යුගයේ තවත් වැදගත් කාරණා හැටියට ලොව සෑම රටක්ම පිළිගන්නවා. ජිවත්වීමට සුදුසු පරිසරයක අවශ්‍යතාවය, අධ්‍යාපන පහසුකම් හා සෞඛ්‍යය නිරෝගිභාවය යන සියල්ල ජනාවාසයක අන්තර්ගතයි. මේ හැම නගරයක් වටේම පැල්පත් තිබෙනවා. දුක්ඛිත ලෙස ජීවත් වෙන අය වෙනුවෙන් වෙනම දිනයක් වෙනම වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන යෝජනාව එවකට අපේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ලෝක ජගත් හමුවට ඉදිරිපත් කළා එය ලෝක ජගත් සමුළුවේ සැලකිල්ලට භාජනය වුණා. එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානයඑම යෝජනාව පිළිගන්න සිදුවුණා. ඉන්පසු එම වැඩ පිළිවෙළ තව තවත් ඉදිරියට ගෙනයන්න අපේ රාජ්‍ය නායකයන්ට හැකි වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ අපේ රටේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලක්ෂ ගණනාවක් හිමි කර දී තිබෙනවා. ඒ වගේම නිවාස ඉදිකර ගැනීමට විවිධ වැඩසටහන් සකස් කරමින් සහාය දැක්වූවා. මේ ජනාවාසවල ජීවත්වන දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවයට පවිත්‍ර ජලය වගේම අනාගත පැවැත්ම තහවුරු කිරීමට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ කරුණු මත, ජීවිත අවශ්‍යතාවයන් සපුරාලිය හැකි ජනාවාසයක් ඉදිකර ගැනීමට සඳහා අප කැප විය යුතුයි. අපේ අත්දැකීම්, දායාදයන් ජාත්‍යන්තරවත් සැලකිල්ලට භාජනය වෙනවා. ජනාවාස කියන්නේ ඉදිරි දවස්වල පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේ එක විෂයක්. මේ වන විටත්ඒ පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛණ එක්තැන් කොට ගනිමින් අදාල සාකච්ඡා පැවැත්වෙනවා. එවැනි අත්දැකීම් සමුදායක් සමඟයි අපට ඉදිරියට ගමන් කරන්න වෙන්නේ. අපේ භූමි භාගය වැඩිවෙන්නෙ නැහැ. ඒ වගේම නාගරික භූමි ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කරගත යුතුයි. එසේ නොකළහොත් අපිට මීටත් වැඩිය ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ලෝක ජනාවාස දිනය වන අද දිනයේදී ජනතාවගේ ජන ජීවිතය රුකුලක් වන දේ, ආරක්ෂාව, හා දියුණුව ඇති කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා වෙනු ඇතැයි විශ්වාස කරනවා. අද අපේ අභියෝග වෙනස් වෙලා. අන්ධානුකරණයෙන් බලපු කාලය ඉවරයි. තවදුරටත් හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇදීමේ අවශ්‍යතාවයක් නැහැ. කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නැහැ. ඒ බව ඔප්පු වෙලා ඉවරයි. අද අපට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීමයි. ඒ නිසා අලුතෙන් හිතන්න ඕනේ. වියදම් අඩු කරගන්න ඕනේ. පරිසර හිතකාමී ලෙස අලුත් තාක්ෂණයට පිවිසෙන්න ඕනේ. ඒ සදහා අපට සහයෝගයක් දෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම්. ඒ ආකාරයෙන්ම අනෙකුත් සෑම කෂේත්‍රම සැලසුම් කරගැනීමේ අභියෝගෙ අප ජය ගත යුතුමයි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් ටික ජනපතිගේ විදෙස් සංචාරවලට යොදා ගැනීම යුක්ති සහගතද?මන්ත්‍රී තිස්ස 

Next Post

PLC මෙම වසරේ පළමු කාර්තුවේ 80.9% ක වර්ධනයක් වාර්තා කරයි

editor

editor

Next Post

PLC මෙම වසරේ පළමු කාර්තුවේ 80.9% ක වර්ධනයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved