මොනරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් බුත්තල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙය මෑත කාලීනව බුත්තල ප්‍රදේශයෙන් හමු වූ විශාලතම හෙරොයින් තොගය ලෙස වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 84යි මිලිග්‍රෑම් 50ක්, ජංගම දුරකථන දෙකක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සකස් කරන ලද තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මොනරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. උත්සව සමය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සඳහා දිවයින පුරා ආරක්ෂක අංශ මෙවැනි විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරමින් සිටී.














