මුදල් වංචාවක් සිදුකිරීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල පොදු වැසිකිළිය ටෙන්ඩර් පදනම මත ලබාගෙන ඇති පුද්ගලයාගෙන් ප්‍රාදේශීය සභාවට අයවිය යුතු රුපියල් 50,000ක මුදලක්, නිල ලදුපතක් නිකුත් නොකර පෞද්ගලිකව ලබාගැනීමට උත්සාහ කිරීමේදී මොනරාගල නගරයේදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී ඇත.
අත්අඩංගුවට ගත් ආදායම් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඔහු මේ වන විට මොනරාගල පොලීසිය වෙත භාර දී තිබේ. රජයේ මුදල් අවභාවිත කිරීම සහ අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පවතින දැඩි නීතිමය රාමුව යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.















