සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව වර්තමානයේ මතු වී ඇති විවිධ තර්ජනයන්ට විරෝධය පළ කිරීම සඳහා විශේෂ මහා සඟ සමුළුවක් එළඹෙන 20 වන සිකුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වෙන මෙම සමුළුව මව්බිම සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබයි.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම සුවිශේෂී සඟ සමුළුව සඳහා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට මෙන්ම සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ද නිල වශයෙන් ආරාධනා කර ඇති බවයි. බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.














