මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී උද්යෝගිමත් අයුරින් පැවැති මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර 76 වන ‘රන් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (08) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. දෙවිද්‍යාලයේම ක්‍රීඩකයින් දක්ෂතා දැක්වූ මෙම තරගය අවසානය දක්වාම ඉතා තීරණාත්මක මුහුණුවරක් ගනු ලැබීය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 214ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස වේල්ස් කුමර විද්‍යාලය සිය මුල් ඉනිම සඳහා ලකුණු 263ක් රැස් කිරීමට සමත් විය. අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 279ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ජයග්‍රහණය සඳහා ඉලක්කයක් හඹාගිය වේල්ස් කුමර විද්‍යාලය තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 54ක් ලබා සිටියේය. මොරටුව නගරයේ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ඓතිහාසික තරගය වසර දෙකකට පසු ප්‍රේක්ෂක උදෑසනක් මැද ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.














