• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ !

21 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පසුගිය 19 වනදා  ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන් වේ.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලද්දේ එම  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක විසිනි.

මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවයම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සදහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින්  නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාව තුළ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3)ආගමික හෝ වාර්ගික නොවන  දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිර්පත් කොට තිබේ.

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය  යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට  අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ සදහන් වේ.මේ අනුව මද්‍රසා ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට මීට පෙර ඉදිරිපත්වු යෝජනාව ප්‍රතික්ෂේප කරන මෙම කමිටුව මද්‍රසා පාසැල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ  අධ්‍යාපනය සදහා පමණක්  බව යෝජනා කර ඇත. එසේම මද්‍රසා ආයතන  නියාමනය සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ  පිහිටුවීමද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.

තවද සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ.

මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම,වකුෆ් පනත් සංශෝධනය කිරීම , අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පිරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසැල් ඉදිකොට පවත්වා ගෙන යාම , සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට  අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.

Post Views: 0
Previous Post

බස් රථ රියදුරන් සඳහා සෞදියේ ආකර්ශනීය රැකියා අවස්ථා

Next Post

විදුලි මීටරයත් ස්මාර්ට් වෙයි !

editor

editor

Next Post

විදුලි මීටරයත් ස්මාර්ට් වෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved