මොරවැව පොලිස් වසමේ මොරවැව – නාමල්වත්ත මාර්ගයේ නාමල්වත්ත හන්දිය අසලදී ඊයේ (11) සවස සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොරවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොරවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මොරවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














