පාර්ලිමේන්තුවේ ප්‍රකාශය සිදු කරමින් සිටියදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා තමා සතු ලිපිගොනු උදුරා ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා අද (21) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටින විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභාගර්භය මැදට පැමිණ එම ප්‍රශ්න කිරීමට බාධා සිදු කළ බව හෙතෙම පැවසිය.
එසේම එම ලිපිගොනු තුළ වැදගත් ලිපි රාශියක් තිබූ හෙයින් එම ලිපි නොමැතිව තමාගේ ඉදිරි කටයුතු සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කතානායකවරයා ඉදිරියේ එම ලිපිගොනු සොරා ගැනීමට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කටයුතු කළ හෙයින් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නිසා විපක්ෂ නායකවරයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව යි.
මේ වන විට වේත්රධාරීතුමාට ලැබී ඇති ලිපි ගොනුවේ ඇති වැදගත් ලිපි රාශියක් අඩු වී ඇති බවත් මේ සොරකමට පොළොන්නරුවේ සමරවික්‍රම මන්ත්‍රිවරයා පවා හවුල් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කතානායකවරයා පවා වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ජනතාව බඩගින්නේ සිටින විට ආණ්ඩු පක්ෂයේ හොර රැළ මෙන් රට බංකොලොත් කළ අයගේ උපන් දින කේක් කෑමට තමා නොගිය බවත් මොවුන්ට විරුද්ධව දඩුවම් ලබා දිය යුතු බවත් ඊට අමතරව නැති වූ ලිපි ගොනු සියල්ල නැවත ලබා දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සිදුවීම නලින් බණ්ඩාර මහතා වීඩියෝ කළ නිසා එය සාක්ෂියක් ලෙස පවතින බව යි.
පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ සිදුවීම් පවා අනාවරණය වූයේ එසේ වීඩියෝ කිරිම නිසා බවත් එම නිසා කිසිම පුද්ගලයකගේ හැසිරිමක් සම්බන්ධයෙන් තමා බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.