• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම මෙවර රනිල් වික්‍රමසිංහට ලැබෙන බව මන්ත්‍රී වජිර කියයි

30 May 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා ඉතිහාසයේ ලැබෙන ඓතිහාසිකම ජනවරම මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බවත් ඒ වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එසේම දේශපාලන පක්ෂවලට හසුවූ මහජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් මහජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවත් මේ ගැන රටේ සමස්ථ මහජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතු බව හෙතෙම පැවසිය.

මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (30) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ” දේශපාලන වශයෙන් දුර්වල, කඩාවැටී සිටින කණ්ඩායම්, ඒ අයට අලුත් දේශපාලන සටන් පාඨයක් සොයාගැනීමට ප්‍රයත්න දරන කාලසීමාවක් හැටියට තමයි මේ කාලසීමවා මට පේන්න තිබෙන්නේ. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් මාසයේ 17 වෙනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා විසින්ම කැබිනට් මණ්ඩලයටත්, අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථානවලටත් ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් එම ප්‍රකාශයම සිදුකොට තිබුණා. එසේනම් ඔක්තෝබර් 17 වෙනිදාට ප්‍රථම ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ පැවත්වෙනවා. එය ස්ථීරයි, ඒ ගැන කිසිඳු ප්‍රශ්නයක් නැහැ. නමුත් එක් කාරණයක් අප සිහියේ තබාගත යුතුව තිබෙනවා. මම දැක්කා අපේ පක්ෂයේ මහ‍ලේකම්වරයා විසින් පසුගිය දිනක සිදුකළ ප්‍රකාශය. එතුමා ඔය ප්‍රකාශය කරන්න පදනම් වුණ කාරනය තමයි, මේ රටේ සිටින බහුතර ව්‍යාපාරික ප්‍රජාව මුණගැසුනාම කියන දෙයක් තමයි, අපේ ව්‍යපාර ස්ථාවර කරගන්නා තෙක් තව අවුරුද්දක් දෙකක්වත් මැතිවරණයක් නොමැතිව ඉදිරියට යන්න පුලුවන්ද කියන එක? ඡන්ද පැවැත්වීම නිසා ශ්‍රී ලංකාව තුළ මෙපමණ කාලයක් සිදුව තිබෙන්නේ අපේ රටේ මහජනතාව පීඩනයටත්, දුකටත් පත්වීමක් පමණයි. මේ ජනමත විචාරණය කියන වගන්තිය බිහිවන්නෙම 1970 – 75 කාලසීමාව තුළ වසර 5 කට මහජන වරම දීලා තිබුණු රටේ මහජන අවසරයකින් තොරව වසර 2 ක් දීර්ඝ කර ගැනීම නිසා ජනාධිපති JR ජයවර්ධන මැතිතුමා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවිට එයට ඇතුළත් කළා මින් ඉදිරියට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනවරමක් ලබාදුන්නාට පසුව ඒ ජනවරම වෙනස් කිරීමක් අවශ්‍යයයි නම් සමස්ථ මහජනතාවගන් ඇසිය යුතුයි කියලා. ඒ කියන්නේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගෙන් අහන්න ඕන තවත් වසර කිහිපයක් ඉදිරියට යන්නද කියලා. මෙය බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඉතා වැදගත් වගන්තියක්. ඒ කියන්නේ ඒ වගන්තියෙන් අහන්න පුලුවන් වසර 10 ක් 15 ක් එහෙමත් නැතිනම් රටක් වෙනුවෙන් ගත යුතු වැදගත් තීරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන්න, නමුත් එය එතුමාගේ පුද්ගලික ප්‍රකාශයක් නොවෙයි. සමස්ථ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යයයි කියන කාරණය JR ජයවර්ධන මැතිතුමා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේ සිදුවූ වැරදි ක්‍රියාවලිය මින් ඉදිරියට වැළැක්වීම සඳහායි. දැන් එය ලෝකයේ තිබෙන වටිනාම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයට අවශ්‍යම දෙයක් වී තිබෙනවා. කෙසේ හෝ මේ කාරණය ගැන කවුරුවත් බිය විය යුතු නැහැ. මේ රටේ සියලු ජන කොටස් බලාගෙන සිටිනවා සියලු දේශපාලන පක්ෂ පැත්තකට විසි කරලා දාලා මේ රට බංකොලොත් වූ තැනින් ගොඩගත් නායකයාට මේ රට ඉදිරියට ගෙනයාම සඳහා නැවත බාරදෙන්න. මේ රට වෙනිසියුලාවක් වෙනවා දකින්න, මේ රට හංගේරියාවක් වෙනවා දකින්න, එහෙමත් නැතිනම් මේ රට සිම්බාබ්වේ වගේ රටක් වෙනවා දකින්න අපේ රටේ මහජනතාව කොහෙත්ම කැමති නැහැ.
බංකොලොත් වුණු රටවල් දෙවෙනි වතාවට බංකොලොත් වුණාම නැවත ගොඩගන්න එක ලෙහෙසි පහසු නැහැ. සමහර මෙවැනි ආකාරයට බංකොලොත් වුණු රටවල්වල පාන් ගෙඩියේ මිල 92000 ක් පමණ වෙනවා. සිම්බාබ්වේ 100000 මුදල් නෝට්ටු පවා මුද්‍රණය කොට තිබෙනවා. එසේනම් මේ රටේ ජනතාව කිසිසේත් සූදානම් නැහැ නැවත පෝලිම්වලට ගිහින් දුක් විඳින්න. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දෙමව්පියන් සූදානම් නැහැ තමන්ගේ දරුවන්ගේ විභාග තවදුරටත් කල් දමාගෙන ඔවුන්ගේ අනාගතය පස්සට ගෙනියන්න. එසේනම් මේ රටේ මහජනතාව කිසිසේත් කලබල විය යුතු නැහැ. ලෝකයේ රටවල් මීට පෙරත් බංකොලොත් වී තිබෙනවා. ඇමරිකාව 1840 කාලයේ බංකොලොත් වී තිබෙනවා. අපේ අසල්වැසි ඉන්දියාව 1990 කාලයේ නරක තැනකට ගමන් කර තිබෙනවා. මෙක්සිකෝව 1994 කාලයේ මෙවැනිම තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. රුසියාව 1998 දී මේ තත්ත්වයට මුහුණ දී තිබෙනවා. ග්‍රීසිය මෙවැනි තත්ත්වයකට 2012 වසරෙදි මුහුණ දුන්නා. සැම්බියාව 2020 දී මෙවැනි තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. කොහොම හරි මේ විදිහට ලෝකයේ රටවල් කඩාගෙන වැටුණු අවස්ථාවල ඒ රටවල් නැවත ගොඩගන්න අවුරුදු 10ක් 12 ක් පමණ කාලයක් ගත වෙලා තිබෙද්දී අපේ රට බාරගත් රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා ඉතාමත් කෙටි කාලයක් තුළ නැවත මේ රට නිවැරදි දිශානතියට හරවා තිබෙනවා. එසේනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබෙනවා. ඒ වගේම එතුමා විසින් බාරගත් වගකීම අවසන් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. එතුමා බාරගත් වගකීම අවසන් කිරීම කියන්නේ මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයෙන් නිදහස් කිරීම සඳහා මේ ජූනි මාසයේ අවසානය වනවිට එතුමා ක්‍රියාකළ යුතුව තිබෙනවා.

එතුමා ඒ සටන ජයග්‍රහණය කළාට පසුව එතුමා බාරගත්ත සටන ඉවරයි, ඊළඟට තිබෙන්නේ මහජනතාවගේ සටන. මහජනතාව කිසිසේත්ම මේ රට නැවත පීඩනකාරී තත්ත්වයකට පත්කිරීම සඳහා සූදානම් නැති බව දේශපාලන පක්ෂ මතක තබාගත යුතුව තිබෙනවා. දේශපාලන පක්ෂවලට මේ වනවිට ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. දේශපාලන පක්ෂ සියල්ලම, ඒ වගේම අපිත් බලනවා මේ දේශපාලන පක්ෂ ගැලපෙන නොගැලපෙන සියලු කණ්ඩායම් එකට එකතු කරගෙන ජාතිය ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්න. ජාතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන ජාතික පනත පාර්ලිමේන්තුවට මේ වනවිට ගෙනත් තිබෙනවා. ඒ පනත හරහා මින් ඉදිරියට දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට මහජනතාව ෆුට් බෝලයකට අරගෙන පයින් ගහන්න බැරි වෙන විදිහට නීති සම්මත කරගත යුතුව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වග නොවන වගන්ති වගවීමේ වගන්ති බවට දේශපාලනඥයින් පත්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති අපේක්ෂකයා හැටියට ප්‍රකාශ කිරීමට වඩා බාරගත් වගකීම ඉෂ්ට කරන පියවරට යා යුතුව තිබෙනවා. කෑ ගහන සහ පක්ෂව කතාකරන සියලුදෙනාට කතාකරන්න පුලුවන් පරිසරයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතිකර දීලා තිබෙනවා. ඉතින් ඒ අය කෑ ගහනවා, හූ කියනවා. ඒ සමහර අයට තිබෙනවා තණ්හාව, සමහර අයට තිබෙනවා ඊර්ශ්‍යාව, සමහර අයට තිබෙනවා ක්‍රෝධය, සමහර අයට තිබෙනවා වෛරය, ඒවා පිට කරගනිමින් සමාජය වනසන ක්‍රියාවලියෙන් මහජනතාව ආරක්ෂා කරගෙන ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ආසියාවේත්, ලෝකයේත් ඉහළම තැනක ඔසවා තැබීමට මේ වර්තමාන ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා යුගයේ යුතුකම ඉටුකරන බව පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මහජනතාව කිසිසේත් කලබල නොවිය යුතුයි. ලංකා ඉතිහාසයේ ලැබෙන ඓතිහාසික ජනවරමක් බවට මෙවර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබෙන බව ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ මතක තබා ගත යුතුයි. දේශපාලන පක්ෂවලට හසුවූ මහජනතාව එතැනින් දැන් ඉවත් වෙමින් තිබෙනවා. ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් සිටිනවා. මේ ගැන රටේ සමස්ථ මහජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතුයි කියා මා මතක් කර සිටිනවා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18,986
Previous Post

ජනපති රනිල් තනිවම රට පාලනය කරන සැලැස්මක් ගැන උදයංග හෙලි කරයි

Next Post

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

editor ttvnews

editor ttvnews

Next Post
මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved