ඔයාලගෙ Doctor කියල තියෙනවද “MRI එකක් කරන්න ඕන” කියලා? මේක අහන්නම කෙනෙක්ට හිතට හිතෙනව – *”මොකක්ද මේ?”, “මට රිදෙයිද?”, “මම මැෂින් එකක් ඇතුලට යන්න ඕනේද?” කියලා.
MRI කියන්නේ මොකක්ද?
MRI කියන්නේ (Magnetic Resonance Imaging) කියන එකේ short form එක. මේකෙදි කරන්නේ, හරිම ප්‍රබල චුම්බක බලයක්, රේඩියෝ තරංග සහ පරිගණකයක් පාවිච්චි කරලා, ඔයාගේ ශරීරයේ ඇතුළත තියෙන අවයව, මස් පිඬු, සන්ධි වගේ දේවල්වල හරිම පැහැදිලි, විස්තරාත්මක පින්තූර ගන්න එක.
මේක හරිම ආරක්ෂිත පරීක්ෂණයක්
මේකේ තියෙන ලොකුම වාසිය තමයි, X-ray එකක් හරි CT ස්කෑන් එකක් හරි කරනවා වගේ ශරීරයට අහිතකර විකිරණ කිසිවක් මේකෙදි පාවිච්චි කරන්නේ නැති එක. ඒ නිසා මේක හරිම ආරක්ෂිතයි
MRI vs CT
CT එක mostly accidents, ඇට බිඳුනොත්, ඇතුලේ ලේ ගියොත්, emergency use කරනවා. වැඩේ විනාඩි 10කින් සේරම ඉවරයි. ඒත් MRI එකක් මොළය, මස් පිඬු, කොන්ද, බන්ධනී (ligaments) වගේ මෘදු පටක වල ප්‍රශ්න හරිම පැහැදිලිව බලන්න තමයි හොඳම. ඒකට නම් වෙලාව ටිකක් යනවා, විනාඩි 30ක්, පැයක් විතර වෙන්න පුළුවන්.
MRI එකකින් ඇඟේ ඕනම කොටසක් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගෙ මොළය ගත්තොත්, නහර වල ප්‍රශ්න, පිළිකා තත්ව, ආඝාතය (stroke) වගේ දේවල් විතරක් නෙමෙයි, කොන්දෙ තියෙන තැටි (disks) වල ප්‍රශ්න පවා හරිම පැහැදිලිව බලාගන්න පුළුවන්. ඒ වගේම හදවතේ තියෙන ප්‍රශ්න, හිරවෙච්ච ලේ නහර වගේ දේවලුත් හොයාගන්න පුළුවන්
විශේෂයෙන්ම දණහිසේ, උරහිසේ වගේ සන්ධිවල ඇතිවන ආබාධ, බන්ධනී ඉරීයාම් වගේ දේවල් හඳුනගන්න MRI එක නියමයි. මීට අමතරව පියයුරු, අක්මාව, වකුගඩු වගේ අවයව වල රෝග තත්ව හොයාගන්නත් MRI එක ගොඩක් වැදගත් වෙනවා. හැබැයි MRI එකක් කරන්න කලින් අපි හැමෝම දැනගන්න ඕන හරිම වැදගත් සහ සැලකිලිමත් විය යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ලෝහ ගැන. MRI මැෂින් එක කියන්නේ හරිම ප්‍රබල චුම්බකයක්. ඒ නිසා ඔයාගෙ ඇඟ ඇතුළෙ හරි, ඇඟෙන් පිටත හරි කිසිම ලෝහමය දෙයක් තියෙන්න බෑ. ඔයාට පේස්මේකර් එකක් (Pacemaker), මොළේට දාපු ක්ලිප්, කෘත්‍රිම ශ්‍රවණ උපකරණ, කෘත්‍රිම හෘද කපාට, ඇඟ ඇතුලෙ තියෙන ඇණ, ඉස්කුරුප්පු, කෘත්‍රිම සන්ධි වගේ දේවල් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම, ස්කෑන් එක කරන්න කලින් ඔයාගේ ඩොක්ටර්ටයි, එතන ඉන්න කාර්ය මණ්ඩලයටයි කියන්නම ඕන. ගොඩක් අලුත් උපකරණ MRI වලට ගැළපෙන විදිහට හදලා තිබුනත්, ඒ බව කලින් දැනුම් දෙන එක අත්‍යවශ්‍යයි.
ඔයා ගැබිනියක් නම්, ඒ බවත් අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒ වගේම, සමහර වෙලාවට වඩා පැහැදිලි පින්තූර ගන්න අතේ නහරයකට contrast දියරයක් විදින්න පුළුවන්. ඔයාට ඇලජික් තියෙනවා නම් හරි, දරුණු වකුගඩු රෝග තියෙනවා නම් හරි, ඒ බවත් කලින්ම කියන්න. ඉතින් ඔයා ස්කෑන් එකට යන දවසෙදි මොනවද කරන්න ඕනෙ? මුලින්ම, කලින් කිව්ව වගේ ඔයා ගැබිනියක් නම්, ඇලජික් තියෙනවා නම්, වකුගඩු ලෙඩ තියෙනවා නම්, ඇඟේ ලෝහ කොටස් තියෙනවා නම්, ඒ හැමදේම කලින් කියන්න. ඒ වගේම හිරවෙච්ච, පොඩි තැන් වලට බයක් (claustrophobia) තියෙනවා නම් ඒකත් කියන්න, ඒකට එයාලා ඔයාට උදව් කරයි. පච්ච කොටලා තියෙනවා නම් ඒකත් කියන්න, මොකද සමහර තීන්ත වර්ග වල ලෝහ අඩංගු වෙන්න පුළුවන්. ස්කෑන් කාමරේට යන්න කලින් ඔයාගෙ ඇඟේ තියෙන කරාබු, මාල, මුදු, ඔරලෝසු, ෆෝන් එක, ක්‍රෙඩිට් කාඩ්, කණ්ණාඩි, කොන්ඩා කටු වගේ හැම ලෝහමය දෙයක්ම ගලවලා තියන්න ඕන. එදාට ලෝහ බොත්තම්, සිපර් නැති, බුරුල් ඇඳුමක් ඇඳගෙන යන්න.
බොහෝවිට එයාලා ඔයාට ඇඳගන්න විශේෂ ගවුමක් දේවි. ඔයාව ඇඳක් වගේ මේසයක් උඩ හාන්සි කරවලා, ඒක හිමින් සැරේ මැෂිම ඇතුලට යනවා. පරීක්ෂණය පුරාවටම ඔයා නොසෙල්වී ඉන්න එක හරිම වැදගත්. ස්කෑන් එක පටන් ගත්තම “තඩ තඩ”, “ටොක් ටොක්” ගාලා සෑහෙන්න සද්දයක් ඇහෙනවා. ඒක මැෂින් එකේ සාමාන්‍ය සද්දෙ, බය වෙන්න එපා. ඒ සද්දෙ අඩු වෙන්න එයාලා ඔයාට කන් දෙකට දාන්න දෙයක් දේවි. කාර්ය මණ්ඩලය වෙනම කාමරයක ඉඳන් ඔයාව බලාගෙන ඉන්නවා, ඒ නිසා කිසිම දේකට බය වෙන්න අවශ්‍ය නෑ. ඉතින්, MRI කියන්නේ විකිරණ නැති, හරිම ආරක්ෂිත, ඇඟ ඇතුළෙ තියෙන දේවල් ගොඩක් පැහැදිලිව පෙන්නන පරීක්ෂණයක්. වැදගත්ම දේ තමයි, ඔයාගෙ ඇඟේ තියෙන ඕනම ලෝහමය දෙයක් ගැන කලින් දැනුම් දෙන එක. ඒ වගේම ඔයාගෙ හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක්, බයක් ගැන ඩොක්ටර් එක්ක හරි, MRI එක කරන කාර්ය මණ්ඩලය එක්ක හරි විවෘතව කතා කරන්න. ඒ අය ඔයාට හැමදේම පැහැදිලි කරලා දේවි.
DR priya උපුටා ගන්නා ලදි