රට තුළ “දවසේ වෙඩිල්ල” නතර කර ඇති බවට රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කළ ද, වර්තමානය වන විට ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පවා ඝාතන සිදුවන තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටදීම නීතිඥවරයෙකු ඝාතනය කර නිදහසේ පලා යාමට අපරාධකරුවන්ට හැකි නම් සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව පවතින්නේ බරපතළ ගැටලුවක් බවයි.
පසුගිය දිනවල අධිකරණ පද්ධතිය තුළම සිදුවූ ඝාතන සහ නීතිඥවරුන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ද සිහිපත් කළ මන්ත්‍රීවරයා, රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට රජය අසමත් වී ඇති බවට මෙහිදී චෝදනා කළේය. ආරක්ෂාව පිළිබඳ පුරසාරම් දෙඩීමට වඩා රටේ පවතින සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














