වත්මන් ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීම සඳහා විවිධ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. විශේෂයෙන්ම යම් ගනුදෙනු හෝ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී “පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි, තෙවනුවත් මිලියන 20යි” යනුවෙන් සඳහන් කරමින් ආණ්ඩුව බලහත්කාරයෙන් කටඋත්තර ලියා ගන්නා බවත්, මෙය දේශපාලන පළිගැනීමක් බවත් ඔහු පෙන්වා දෙයි.
අධිකරණ ක්‍රියාවලීන් සහ විමර්ශන ආණ්ඩුවට අවශ්‍ය පරිදි මෙහෙයවීමට උත්සාහ කරන බවත්, ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙවැනි “නාට්‍ය” රඟ දක්වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පවතින දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් විය යුතු බව රාජපක්ෂ මහතාගේ අදහසයි.














