නවදිල්ලිහි පැවැති India Today Conclave 2026 සමුළුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, එහිදී පැවැති විශේෂ ප්‍රශ්න හා පිළිතුරු සැසියකදී තමන් වඩාත් ප්‍රිය කරන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සංජු සැම්සන්, අභිෂේක් ශර්මා සහ සචින් ටෙන්ඩුල්කාර් යන මහත්වරුන්ව නම් කළේය. දකුණු ආසියාවේ නැගී එන දේශපාලඥයෙකු ලෙස මෙම සමුළුවට ආරාධනා ලබා සිටි ඔහු, එහිදී නිවේදකයා නැගූ ප්‍රශ්න හමුවේ ඉතා සෘජු පිළිතුරු ලබා දීමට කටයුතු කළ අතර තලපති විජේ තම ප්‍රියතම නළුවෙකු වුවද කච්චතිව් දූපත පිළිබඳ ඔහු කරන ප්‍රකාශ වැරදි බවත් එය 70 දශකයේ අත්සන් කළ ගිවිසුමකින් ශ්‍රී ලංකාවට හිමි වූවක් බවත් අවධාරණය කළේය. එමෙන්ම මෙරට පැවැති අරගලයට USAID ආයතනය මුදල් සැපයූ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ද උපුටා දක්වමින් ඔහු ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳව සිය අදහස් පළ කළේය. සැසිය අවසානයේ මන්ත්‍රීවරයාගේ මෙම සෘජු සහ පැහැදිලි පිළිතුරු දීම නිවේදකයාගේ ද ඇගයීමට ලක් වූ අතර මෙම කාර්යබහුල ඉන්දීය සංචාරයේදී ඔහු ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ.














