ශ්‍රී ලංකාව යුද්ධයක භයානක බව හොඳින්ම දන්නා බවත්, මැදපෙරදිග උද්ගතව ඇති ආතතීන් කුඩා ජාතීන්ට සෘජුවම බලපාන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, වෙළඳාම, බලශක්තිය සහ සැපයුම් ජාලයන්ට ඇති වන බාධා ශ්‍රී ලංකාවේ ජීවනෝපායන් සහ වෙළඳපොළවල්වලට සෘජුවම බලපෑ හැකි බැවින් රජය හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බවයි.
ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින බව පවසන ඔහු, බලපෑමට ලක් වූ කලාපවල ජීවත් වන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටී.















