එක්සත් රාජධානියේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලන්ඩන් බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබේ.
මෙම වසරේදී සියවස් සැමරුම (100th Anniversary) සමරන ලන්ඩන් බෞද්ධ විහාරය වෙත සිය සුභාශිංසන පිරිනැමීමට ද මන්ත්‍රීවරයා මෙහිදී කටයුතු කළේය. එහි වැඩවසන මහා සංඝරත්නය බැහැදුටු ඒ මහතා, උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලබාගත් බව ද වාර්තා වේ. ලන්ඩන් බෞද්ධ විහාරය යනු බටහිර ලෝකයේ පිහිටි පැරණිතම සහ ප්‍රමුඛතම ශ්‍රී ලාංකික බෞද්ධ මධ්‍යස්ථානයකි.














