නාසා (NASA) ආයතනයේ “Artemis 2” මෙහෙයුම යටතේ අභ්‍යවකාශගාමීන් පිරිසක් රැගත් යානය සඳ වටා ගමන් කිරීමේ (Flypast) ඓතිහාසික සිදුවීම අද (06) සිදුවීමට නියමිතය. දශක පහකට පමණ පසු මිනිසුන් සඳ ආසන්නයටම යන පළමු අවස්ථාව මෙය වන බැවින් ලොව පුරා දැඩි උනන්දුවක් මේ කෙරෙහි යොමු වී තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව නාසා නිල වෙබ් අඩවියට අමතරව YouTube, Amazon සහ ප්‍රථම වරට Netflix සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී අභ්‍යවකාශගාමීන් හඳේ පිටුපස ප්‍රදේශය හරහා ගමන් කරන ආකාරය සහ පෘථිවියේ දර්ශන සජීවීව දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වේ.
මෙම මෙහෙයුම ඉදිරියේදී මිනිසුන් නැවතත් සඳ මත පතිත කරවීමේ “Artemis 3” මෙහෙයුම සඳහා තීරණාත්මක පියවරක් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.













