ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් නාසා ආයතනයේ ‘ආටිමිස් 2’ ඔරායන් චන්ද්‍ර යානය අද (06) සඳුගේ ඈත කක්ෂයකට පිවිසෙමින් සඳ වටා ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසයි. මෙය සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන මෙහෙයුමක් වන අතර, ගගනගාමීන් සඳ වටා ගොස් එහි අඳුරු පැත්ත නිරීක්ෂණය කර නැවත පෘථිවිය බලා පැමිණීම මෙහි ප්‍රධාන අරමුණයි.
2035 වසරෙන් පසු සඳ මතට මිනිසුන් යැවීමට නාසා ආයතනය අපේක්ෂා කරන අතර, එම දැවැන්ත මෙහෙයුමට පෙර සිදුකරන තීරණාත්මක පුහුණු මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. දශක කිහිපයකට පසු මිනිසුන් සහිත යානයක් සඳ ආසන්නයටම ගමන් කරන මෙම අවස්ථාව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම මෙහෙයුමේ සාර්ථකත්වය මත අනාගත චන්ද්‍ර ගවේෂණ සහ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම්වල සුරක්ෂිතභාවය තීරණය වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.














