මාර්තු 2 වැනිදාට යෙදී තිබුණු ජාතික ‘ඇමරිකාව පුරා කියවීමේ දිනය’ (National Read Across America Day) නිමිත්තෙන් ලෝක ප්‍රකට ළමා සාහිත්‍යධර දොස්තර සූස් හෙවත් තියඩෝර් සූස් ගයිසෙල්ගේ උපන්දිනය සැමරීම සිදු කෙරේ. 1998 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දරුවන් තුළ කියවීමේ රුචිය වර්ධනය කිරීම වන අතර අද දිනට අදාළ එම සුවිශේෂී උපුටා දැක්වීම වන්නේ “ඔබ වැඩි වැඩියෙන් කියවන තරමට, ඔබ වැඩි වැඩියෙන් දේවල් දැන ගනු ඇත. ඔබ වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, ඔබ වැඩි වැඩියෙන් ස්ථාන කරා යනු ඇත” යන්නයි.














