• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

11 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ දී පැවැත්විණ.

ආසියාතික රාජ්‍යයන් අතරින් ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් අත්කර ගෙන ඇත. ජනතාව උද්යෝගීමත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසෙති.

එහෙත් ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති දැනුම අල්පය. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමෙන් අපේක්ෂා කෙරේ.

වර්තමානයේ පෙබරවාරි මස 01 වන දින “ඡන්ද හිමියන්ගේ දිනය” ලෙස නම් කර තිබේ.

2012 වසරේ සිට “ඡන්ද හිමියන්ගේ දිනය” මූලික කරගනිමින් සම්මන්ත්‍රණ, පාගමන්, රථ පෙළපාළි, අත්පත්‍රිකා බෙදාහැරීම්, පොස්ටර් බැනර් ප්‍රදර්ශනය ඇතුළු විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබීය.

පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදය සාකච්ඡා කෙරෙන විද්වතුන්ගේ ලිපි ඇතුළත් ලිපි සංග්‍රහයක් එළිදැක්වීම මෙහිදී සිදු විය.

දේශපාලනයේ නිරත ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදයට බිය බව, පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට බිය වුවහොත් එතැන් සිට ආණ්ඩුවත් රටත් විනාශ වන බව සඳහන් කළේය.

1975 ඡන්දය කල් දැමීම, 1982 ජනමත විචාරණය හේතුවෙන් තරුණ තරුණියෝ ඡන්ද ක්‍රමය ගැන කළකිරීමට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 88/89 දී හැටදාහක් තරුණ තරුණියෝ පාරේ මරා දමන තැනට වැඩ සිද්ධ වූ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනු ලැබීය. එය තේරුම්ගත් තමා 2005 සිට 2015 දක්වා නියමිත කාලසීමාවට පෙර මැතිවරණ පවත්වමින් ඡන්ද අයිතිය ලබාදුන් බව සඳහන් කළේය.

ඡන්දය දී ආණ්ඩු හදන අය එම ආණ්ඩු ශක්තිමත් කරමින් සංවර්ධනයට ද දායක විය යුතු බවත් වැරදි ඇතොත් ඒවා විවේචනාත්මකව පෙන්වා දීමෙන් ඡන්දදායකයාට වගකීම්සහගත පුරවැසියෙකු විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා මෙහිදී කියා සිටියේය.

මැතිවරණ කාලසීමාවලදී කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන උපමාන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පෞද්ගලික මෙන්ම සමාජ මාධ්‍යය ද කටයුතු කළ යුතුය. එසේ නොවන්නේ නම් මාධ්‍ය නියාමනය කළ යුතු බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කථානායකතුමා, දේශපාලන පක්ෂ නායකයෝ, මහජන නියෝජිතයෝ, තානාපතිවරු, ඇතුළු සාමාජිකයෝ සහ නිලධාරීහු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

කාන්තාව දුර්වල චරිතයක් නොවේ – රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී

Next Post

අනුරපුරේ වැඩ බැරි අයව දුමින්ද ගෙදර යවයි

editor

editor

Next Post

අනුරපුරේ වැඩ බැරි අයව දුමින්ද ගෙදර යවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025
අධිවේගයට සැප බස් 200 ක්

අධිවේගයට සැප බස් 200 ක්

25 June 2025
ඖෂධ හිඟය පිළිබඳ සාකච්ජාවක්

ඖෂධ හිඟය පිළිබඳ සාකච්ජාවක්

25 June 2025
ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

25 June 2025

Recent News

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025
අධිවේගයට සැප බස් 200 ක්

අධිවේගයට සැප බස් 200 ක්

25 June 2025
ඖෂධ හිඟය පිළිබඳ සාකච්ජාවක්

ඖෂධ හිඟය පිළිබඳ සාකච්ජාවක්

25 June 2025
ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

25 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025
අධිවේගයට සැප බස් 200 ක්

අධිවේගයට සැප බස් 200 ක්

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved