අද (අප්‍රේල් 05) රාත්‍රී 8.00 සිට හෙට (අප්‍රේල් 06) උදෑසන 8.00 දක්වා පැය 12 ක කාලයක් පෑදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජලය පෙරීමේ කටයුතු සීමා වී තිබීම මෙම ජල කප්පාදුවට හේතුව බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.














