පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න අනාවරණය කරන බව පවසමින් පැවැත්වූ මාධ්‍ය හමුවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් සහභාගී වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි බරපතල සහ සංවේදී කරුණක් සම්බන්ධයෙන් පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට වගකිවයුතු දේශපාලන නායකයන් මෙලෙස එකම වේදිකාවක පෙනී සිටීම ජනතාව නොමඟ යැවීමක් බවයි. පාස්කු ප්‍රහාරය වැනි ජාතික ඛේදවාචකයක් දේශපාලන වාසි තකා භාවිත නොකළ යුතු බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා සැබෑ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ සහ ආරක්ෂක අංශවල වගකීමක් මිස දේශපාලන වේදිකාවල සිදුකළ යුත්තක් නොවන බවත් නවීන් දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළා.













