ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මන්නාරමට දකුණු දෙසින් නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අද (24) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් අතර, අදාළ යාත්‍රාව සහ ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.














