දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අදාළ යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවලදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන තිබේ.
මෙම වැටලීමේ වැදගත් තොරතුරු මෙසේය. ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 103ක් සහ කොකේන් කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර ඇත. මෙහි මුළු වටිනාකම රුපියල් බිලියන 2.08ක් ලෙස ගණන් බලා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “රටම එකට” මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහන යටතේ නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙම සාර්ථක වැටලීම සිදුකර ඇත. මෙය මෑතකාලීනව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස සැලකේ.














