ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරිනියක වන නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය මධ්‍යම පළාත් නව අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර තිබේ. ඊට අදාළ නිල පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනමන ලදී.
මෙම නව පත්වීමත් සමඟ මධ්‍යම පළාතේ අධ්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂමව මෙහෙයවීමට ඇයට අවස්ථාව හිමි වන අතර පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට පළාත් සභාවේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
















