2023/2024 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 වනදා සිට මැයි 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ විද්‍යාපීඨයන් හිදී මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන බවයි.
සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාමලේඛන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. අයදුම්කරුවන්ට තම තොරතුරු එහිදී පරීක්ෂා කරගත හැකි අතර, නියමිත දිනට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.














