ජාතික සංවර්ධන බැංකුව හෙවත් එන්ඩීබී (NDB) බැංකුවේ සේවකයින් සහ බාහිර පුද්ගලයින් පිරිසක් සම්බන්ධ වී සිදුකළ බවට සැක කෙරෙන රුපියල් මිලියන 380 ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාවක් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මූලික ඇස්තමේන්තු මඟින් මෙම අලාභය රුපියල් කෝටි 38 ක් පමණ වන බව හඳුනාගෙන ඇති අතර එය තවදුරටත් ඉහළ යා හැකි බව ද සඳහන් වේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බැංකුව විසින් නීතිය බලාත්මක කරන ආයතන වෙත පැමිණිලි කර ඇති අතර අභ්‍යන්තර විමර්ශන ද මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත
මෙම මූල්‍ය වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව ද දැනුවත් කර ඇති අතර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට බැංකුව කටයුතු කරමින් සිටී සිදුවූ අලාභය අවම කර ගැනීමට සහ වගවීම තහවුරු කිරීමට නියාමන ආයතන සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව බැංකු කළමනාකාරිත්වය අවධාරණය කරයි මෙම වංචාව සිදුවී ඇත්තේ බැංකුවේ අභ්‍යන්තර පද්ධති හරහා වුවද ගනුදෙනුකරුවන්ගේ තැන්පතු හෝ ගිණුම් ශේෂයන් සඳහා ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව බැංකුව සහතික කරයි
බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව ද එහි සඳහන් වේ වංචාවේ සම්පූර්ණ ප්‍රමාණය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති අතර ඉදිරි දිනවලදී විමර්ශන වාර්තා ලැබීමෙන් පසු ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත මෑත කාලයේ මෙරට බැංකු පද්ධතිය තුළ වාර්තා වූ විශාලතම අභ්‍යන්තර වංචාවලින් එකක් ලෙස මෙය සැලකෙන බැවින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ














