• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පෝට්සිටිය බලන්න ලක්ෂයකට ආසන්න ගණනක් ඇවිල්ලා

20 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගිය ජනවාරි 10 වන දින මහජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව, මේ වනවිට 90,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ තිබේ.

ගාලු මුවදොර දෙසින් පිහිටා ඇති ඇතුළු වීමේ දොරටුවෙන් පිටත පවා ජනතාව විශාල වශයෙන් පෝලිම් සැදී, ඉමහත් උනන්දුවෙන් යුතුව කොළඹ වරාය නගරය දැකබලාගැනීමට පුලපුලා බලා සිටින ආකාරය මේ වනවිට සුලබ දසුනක් වී ඇත.

ජනවාරි 10 සහ 17 දින අතර නිවාඩු දින කිහිපයක්ද යෙදී තිබූ සතිය තුළ, අතිවිශාල පිරිසක් කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පැමිණියහ.

මෙම පදික මංතීරුව විවෘත කිරීම 2022 ජනවාරි 09 දින සිදුකරන ලද අතර, එම උත්සවයට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරු එක්වූහ.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65 ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සව මාලාවක එක් උත්සවයක් වශයෙන් මෙය විවෘත කිරීම සිදුකරන ලදි.

2022 ජනවාරි 10 සිට 17 දක්වා කාලය තුළ 89,540 දෙනෙකු නව පදික මංතීරුව වෙත පැමිණියහ. මේ අතරින් වැඩිම පිරිස වාර්තා වූයේ 2022 ජනවාරි 16 දින වන අතර, එදින පැමිණි සංඛ්‍යාව 22,580 කි. නිවාඩු දින වූ සිකුරාදා සහ සඳුදා දිනවල පැමිණීම පිළිවෙළින් 19,717 ක් සහ 21,656 ක් ලෙස වාර්තා විය.

මීටර 500 ක දිගකින් යුත් මෙම පදික මංතීරුව ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර තිබේ. වරාය නගරයේ ඉදිකිරීම් අතරතුර මෙවැනි පොදු ස්ථාන රාශියක් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට ව්‍යාපෘති නිලධාරීන් කටයුතු යොදා ඇත. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පිවිසීම සඳහා, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ පිවිසුම් දොරටුවක් මේ වනවිට ඉදිකර ඇත. දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. දැනට මෙම ස්ථානයට රථවාහන ඇතුළු කිරීමට අවසර නොමැති අතර, නව පදික මංතීරුව භාවිතා කිරීමේදී COVID-19 සම්බන්ධ මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මේ වනවිටත් විශාල ජනකායක් මෙම පදික මංතීරුව වෙත දිනපතා පැමිණෙන බැවින්, කොවිඩ් වැළක්වීමේ සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුගතව දුරස්ථ භාවය සුරැකීම සඳහා එහි වරකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 700 කට සීමා කිරීමටත්, කොවිඩ් අවදානම පාලනය කිරීමට පදික පාලම භාවිතා කිරීම සම්බන්ධයෙන් සීමාවන් පැනවීමටත් ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර ඇත.

කොළඹ වරාය නගරය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදි වූ, මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයකි. ලෝක මට්ටමේ නගරයක් නිර්මාණය කරමින් සහ ජීවත් වීමට හොඳම ස්ථානවලින් එකක් ලෙස කොළඹ නගරය වැඩිදියුණු කරමින්, ජාත්‍යන්තරකරණය වේගවත් කිරීම ඔස්සේ තිරසාර ආර්ථික අනාගතයක් සහතික කිරීම සඳහා දක්ෂතා සහිත පුද්ගලයන් සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම වරාය නගර ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් මෑතකදී කොළඹ වරාය නගරය බහු-සේවා විශේෂ ආර්ථික කලාපයක් බවට පත්කිරීමත් සමග මේ වනවිට ලොව නැගෙනහිර හා බටහිර යාකරන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා මහඟු අවස්ථාවක් උදා වී ඇත.

 

පිටපත – PR

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම ඇමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන්

Next Post

සමාජ සත්කාර මැද හෙල්ප් අයිකන් වෙබ් අඩවිය එළිදැක්වෙයි

editor

editor

Next Post

සමාජ සත්කාර මැද හෙල්ප් අයිකන් වෙබ් අඩවිය එළිදැක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved