උකුවෙල ඇල්කඩුව ජල යෝජනා ක්රමය මගින් ජලය දැනට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ජලය නොලැබන නිසා තමන් දිඩි අපහසුතාවයට පත් ව සිටින බවද ප්රදේශවාසිහු කියයි.
ඇල්කඩුව ජල යෝජනා ක්රමය මගින් උඩංගමුව, ලැලිඅඹේ ,හුණුකැටේ, දෙහිදෙිණිය රත්තවත් බි ජනපදය ,ඇතුලු ගම්මාන රැසක පවුල් දහසකට ආසන්න පිරිසක් මේ නිසා දැඩු අපහසුතාවයට පත්ව සිටින බවද ඔවු කියයි.
මේ පිළිබිදව අදාළ බලධාරින් දැනුවත් කළත් මෙතෙක් මේ සදහා නිසි විසදුමක් ලබා දි නොමැති බවද ගම්වාසිහු කියයි.
මේ පිළිබදව අප උකුවෙල ප්රාදේශීය සභාවේ නිලධාරියකුගෙන් කළ විමසිමේදි කියා සිටියේ ප්රතිසංස්කරණ කටයුතු සිදු කර ජලය වහා ලබා දිමට කටයුතු කරන බවය.
මාතලේ මහේෂ් කිර්තිරත්න