නේපාලයේ පසුගිය වසරේ පැවති දැවැන්ත තරුණ අරගලයෙන් පසු පවත්වනු ලබන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද උදෑසන ආරම්භ විය. නේපාල පාර්ලිමේන්තුවේ ආසන 275ක් වෙනුවෙන් මෙවර මිලියන 19ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
මෙවර මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 3,400කට වැඩි පිරිසෙන් 1,000කට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 40ට අඩු තරුණයින් වීමයි. හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් සහ නේපාල කොන්ග්‍රස් පක්ෂයේ නායක ගගන් කුමාර් වැනි ප්‍රබලයින්ට අමතරව, එරට ජනප්‍රිය රැප් ගායකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන බාලෙන්ද්‍ර ෂා ද මෙවර තරඟ බිමේ පසුවේ. තරුණ නියෝජනය වැඩිවීමත් සමඟ නේපාල දේශපාලනයේ විශාල පෙරළියක් සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.














